ඉන්දීය මලයාලම් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ප්‍රදීප් කේ. විජයන්ගේ සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
විජයන් ක්ලාන්තය සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බවට නිතර පැමිණිලි කර ඇති අතර මෙම රෝග ලක්ෂණ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.
දින 02ක් පුරා මෙම රංගන ශිල්පියාව සම්බන්ධ කරගැනීමට නොහැකි වූ ඔහුගේ මිතුරන්ට ඇතිවූ සැකයක් මත ඔවුන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.එහිදී එරට පොලිසිය පෙරේදා (13) ඔහුගේ අගුළු දැමූ නිවස පිළිබඳ සැක මතුව අගුළු කඩා නිවසට ඇතුළු වී ඇති අතර එහිදී නිවස තුල මියගොස් සිටි විජයන්ගේ සිරුර සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. විජයන් හිසට සහ මුහුණට තුවාල සහිතව නාන කාමරය තුළ මියගොස් සිට ඇත. ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝයපෙට්ටා රජයේ රෝහල වෙත යවා ඇත.
බැලූ බැල්මට මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පෙනෙන්නට තිබුනත්, මෙය ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳ පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඉන්දීය මාධ්‍ය පවසනවා.
ඉන්දීය මලයාලම් සිනමාවේ දුෂ්ඨ සහ විකට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රචලිත විජයන්, අවසන් වරට රඟදක්වා ඇත්තේ “රුද්‍රන්” චිත්‍රපටයේ.
Thegidi , Meyaadha Maan , Teddy (2021), Irumbu Thirai (2018), සහ Ruddran (2023) වැනි කැපී පෙනෙන චිත්‍රපට සඳහා විජයන් දායකත්වය ලබාදී ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…