Local

දුම්රිය වර්ජනය තවදුරටත් – ගමන් වාර 10ක් අවලංගුයි !

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 10 ක් අවලංගු වී ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොළගේ සඳහන් කළේ.

උසස්වීම් ලබා නොදීම සහ බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය මෙම වර්ජනය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අතර ඒ හේතුවෙන් ඊයේ දුම්රිය ගමන් වාර 80කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කෙරුණා.

ඒ හේතුවෙන් මගී ජනතාව පත්වුණේ දැඩි අපහසුතාවකටයි.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියැදුරන් මෙම වර්ජනයට එක්ව සිටින අතර තම ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි එහි ලේකම් එස්.ආර්.සී.එම්.සේනානායක කියා සිටියේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago