සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ කුකුළ් චමින්ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය මතයි.
කෙසේවෙතත් බන්ධනාගාර පරිශ්‍රය තුළදී සැකකරුට පහරදීමක් සිදුවී නැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළා.
වැලිඔය ප්‍රදේශයේ සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදුන් සැකකරු පසුගියදා පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණා.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව M.K චමින්ද නොහොත් කුකුළ් චමින්ද ලබන 19 වනදා දක්වා රිමාන්ඩ් ගත කළා.
ඒ අනුව සැකකරු අනුරාධපුර බන්ධනාගාරයට පසුගිය 05 වනදා යොමුකෙරුණු අතර ජුනි 06 වනදා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකර තිබුණා.
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසා තිබුණේ, සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන ලෙසයි.
පසුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ මත සැකකාර කුකුළ් චමින්ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…