ළඳරුවන්, වයස අවුරුදු 12ට අඩු දරුවන්, ගැබිණි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් යොදා ගනිමින් ආහාරපාන සම්බන්ධයෙන් සිදුකරන වෙළඳප්‍රචාරයන් ඉදිරියේ දී සපුරා තහනම් කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය තීරණය කර ඇත.
දැනට විකාශය වන වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් කටයුතු නොකරන බවත් ආහාර පාන සම්බන්ධයෙන් හැර අනෙකුත් වාණිජ භාණ්ඩ සදහා ඉහත සඳහන් කළ කණ්ඩායම යොදා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් නොවන බව ද අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පැවසුවේය.
අමාත්‍යංශයේ නීති රීතිවලට පටහැනිව යම් නිෂ්පාදන ආයතනයක් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවද වෛද්‍ය ජයලාල් පවසා සිටියි.
පුද්ගලයින් නොමග යවන සුළු ලේබලයක් භාවිත කරමින් කිසියම් ආහාරපානයක් ප්‍රදේශයක අලෙවි වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පූර්ණ බලයක් හිමිව ඇති බවද හෙතෙම පැවසුවේය.
ජුනි මාසයට යෙදී ඇති ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් මාධ්‍ය දැනුවත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද(5) පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී මෙම අදහස් පළ විය
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…