Foreign

ලොව විශාලතම මැතිවරණයේ ජය මෝදිට – ජනපති රනිල් සුබපැතුම් එක් කරයි !

ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් ජයග්‍රහණය කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ මූලස්ථානය ඒ බව ප්‍රකාශයට පත්කළා.

එම පක්ෂ මූලස්ථානයේ සිට ජනතාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට ස්තූතිය පුදකළා.

එරට මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද ප්‍රතිඵලවලට අනුව, ආසන 543කින් යුත් ලෝක් සභාවෙන් භාරතීය ජනතා පක්ෂයට ආසන 240ක් පමණ දිනාගෙන තිබෙනවා.

මේ අතර, භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 300කට වඩා වැඩි චන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ඒ අනුව, ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධානය ජයග්‍රහණය කර තිබෙනවා.

ඉන්දීය මැතිවරණ ඉතිහාසය තුළ ජවහල්ලාල් නේරුට පසු මැතිවරණයක් තෙවරක් ජයග්‍රහණය කර ඉන්දීය අගමැති බවට පත්වූ එකම නායකයා බවට නරේන්ද්‍ර මෝදි පත්වනු ඇත.

කෙසේනමුත්, අවසන් ප්‍රතිඵලය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් වාර්තා කිරීමක් සිදුකර නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මෝදිගේ නායකත්වය යටතේ ⁣දෙරට අතර සබඳතාවල අඛණ්ඩතාව ගැන විශ්වාසය තහවුරු කරන බබ එම සුභපැතුමේ වැඩිදුරටත් සඳහන්.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago