නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට “වරද පිළිගැනීමේ එකගතාවයකට පත්වීම” සඳහා වූ නව ක්‍රමවේදය ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට ලක් කිරීම සඳහා වන පනත් කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අපරාධ නඩු කඩිනමින් විසඳා ගැනීම සහ අධිකරණ කටයුතුවල ප්‍රමාදය අවම කර ගැනීම මෙන්ම බන්ධනාගාර තදබදය අවම කර ගැනීම මෙම නව ක්‍රමවේදයේ අරමුණ වී තිබෙනවා.
යෝජිත සංශෝධන අනුව නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට විත්තිය සහ පැමිණිල්ල අතර වරද පිළිගැනීමේ එකගතාවයක් ඇති කරගැනීම සිදුවන බව සඳහන්.
එහි ප්‍රතිඵලයක් ලෙස දඬුවම, දඩ මුදල් හෝ වන්දි මුදල් අවම කර ගැනීම සඳහා නිර්දේශයක් ලබා ගැනීමට හැකිවනු ඇති.
නීති කෙටුම්පත් සම්පාදක විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සදහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති අතර අදාළ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…