Local

පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ධාවනය කළ ජිප් එක ගමක් නොසන්සුන් කරයි (PHOTOS)

නෙඩුන්කේනි ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ, පුලියන්කුලම් පොලිස් ස්ථානයට අයත් ජිප් රථයක් ඊයේ (04) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

එම ජිප් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසකට කඩා වැදී තිබූ අතර, ඒ හේතුවෙන් ජිප් රථයේ ගමන්කළ තිදෙනෙක් තුවාල ලබූ බව නෙඩුන්කේනි පොලීසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථය පදවාගෙන ගොස් ඇත්තේ පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා බවට මූලික පොලිස් පරිකෂණ වලදී හෙළි වී ඇති අතර අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනවරණ වී නෙමැත.

මෙම ජීප්රථය නිවසක් තුලට කඩා වැදී එහි නවතා තිබූ යතුරුපැදියක සහ විදුලි කණුවකද ගැටී ඇති අතර නිවැසියන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

අනතුරින් තුවාල ලැබූ නිලධාරීන් නෙඩුන්කේනි රෝහලට ඇතුලත්කර ඇති අතර, ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

අනෙක් පොලිස් නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහ රෝහල වෙත මාරුකර යැවූ බවද සඳහන්.

අනතුරින් ජීප් රථයට සැලකිය යුතු අලාභහානි සිදුවී ඇති අතර සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයා නෙඩුන්කේනි අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතට ඉදිරිපත් කිරීමටද නෙඩුන්කේනි පොලීසිය පියවර ගෙන තිබුණා.

අනතුර සිදුවූ ස්ථානයට ප්‍රදේශවසීන් පැමිණ පොලීසිට එරෙහිව විරෝධතාවක නිරත වූ අතර නෙඩුන්කේනි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ තත්වය පාලනය කළා.

අනතුර සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago