ගංවතුරේ සිරි නැරඹීමට බෝට්ටුවකින් ගිය තරුණයෙකුට විදුලි සැර වැදී මරණයට පත්ව තිබෙනවා.
තරුණයින් 20ක් පමණ රැගත් බෝට්ටුවක් පදවාගෙන ගිය තරුණයා අත තිබූ උන ලීයක් ඉහළට එසවීමේදී අධිබල විදුලි රැහැනක ගැටීමෙන් විදුලි සැර වැදී තිබෙනවා.
එහිදී තරුණයා විසි වී ගොස් වතුරට වැටී ඇති බවත් සෙසු තරුණයින් පිරිසටද විදුලි සැර වැදී ඇති බවත් පොලිසිය පවසනවා.
නමුත් සෙසු තරුණයින්ට බරපතල තත්ත්වයක් ඇති නොවූ බවයි පොලිසිය පවසන්නේ.
මේ සිදුවීම බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයන් වාර්තා වූ බවයි බුලත්සිංහල පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ.
ඊයේ (03) සවස සිද්ධිය වාර්තා වූ අතර ඉන් මියගොස් ඇත්තේ බුලත්සිංහල, දිවලකඩ ප්‍රදේශයේ පදිංචි දමිත් කුමාර නැමැති තරුණයෙකු බවද පොලිසිය සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…