Local

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළට !

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 33,422ක පුද්ගලයින් 130,021 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව වත්මන් තත්ත්වය පිළිබඳව සභාව දැනුවත් කරමින් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

“මේ වන විට අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 26ක් සහ තුවාල ලැබූ සංඛ්‍යාව 41ක් වාර්තා වී තිබෙනවා. මීට අමතරව, පවුල් 2,368 ක පුද්ගලයින් 9,248 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 116 ක රඳවා තිබෙනවා.

මෝසම් කාලයට පෙර ගංවතුර ඇතිවීමට සූදානමක් පවතින බවට අනාවැකි පළනොකිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ රාජ්‍ය ඇමැතිවරයා, සති කිහිපයක සිට ග්‍රාමීය කමිටු සහභාගිත්වයෙන් ප්‍රජා මට්ටමින් සූදානම් වෙමින් පැවැති බව අවධාරණය කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කාලගුණය නිවැරදිව පුරෝකථනය කිරීමට ඇති හැකියාව පිළිබඳ විවේචනවලට පිළිතුරු ලබාදෙමින් කරමින් රාජ්‍ය ඇමැති තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ තාක්ෂණික හැකියාවන් වසර 10 සිට 15 දක්වා පසුගාමී බව පිළිගත්තේය.

“අපි තාක්ෂණික වශයෙන් පසුගාමී බව මම පිළිගන්නවා. කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් නොසලකා හැර නැහැ ”ඔහු වැඩිදුරටත් පැවැසීය.

මේ අතර අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව හෙතෙම ප්‍රකාශ කළේය.

විපතට පත්වූවන් සඳහා ආහාර වෙනුවන් වෙන්කරන මුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා තහවුරු කළේ මේ සඳහා රජය මේ වන විටත් අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඇති බවයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago