Local

මෙරට වෙරළ තීර 28ක් ‘නිල්’ වෙයි – සංචාරක අමාත්‍යංශයේ නව ව්‍යාපෘතිය මෙන්න !

දෙස් විදෙස් ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමි මෙරට වෙරළ තීර 28ක් ‘නිල්ධජ වෙරළ තීර’ බවට පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

එහි මුල් අදියර යටතේ උණවටුන, බෙන්තොට, පාසිකුඩා හා ආරුගම්බේ යන වෙරළ තීරවල ‘නිල්ධජ ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම වෙරළ තීරයන් සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මත තෝරාගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

‘ආරුගම්බේ හා පාසිකුඩා’ ‘නිල්ධජ වෙරළ තීර වැඩසටහන වෙනුවෙන්’ රුපියල් මිලියන 32ක මුදලක් සංචාරක අමාත්‍යාංශය විසින් වෙන් කර තිබෙනවා.

එම මුදල් දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදාහැර ඇති බව සඳහන්.

ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියමු ව්‍යාපෘතියක් වන ‘පාසිකුඩා වෙරළ තීරය’ මෙම වසර අවසාන වන විට ‘නිල්ධජ වෙරළ තීරයක්’ බවට පත් කිරීමට හැකිවනු ඇති.

මෙරට තෝරාගත් වෙරළ කලාප ‘නිල්ධජ වෙරළ තීර’ නිර්ණායක සපුරාලීමෙන් සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීමට හැකිවනු ඇති බව රජයේ අපේක්ෂාවයි.

ඒ හරහා අදාළ කලාපවල පරිසරය ආරක්ෂා කිරීම, සංචාරකයන් සදහා ප්‍රමාණවත් පහසුකම් සැපයීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හරහා සංචාරක කර්මාන්තයේ දියුණුව සමගම එම කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වය ද ඉහළ නැංවීමට හැකිවනු ඇති.

වෙරළ කලාපයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම සදහා ක්‍රියාත්මක වන වැඩසටහනක් වන ‘නිල්ධජ වෙරළ සහතික කිරීමේ වැඩසටහන’ ලෝකයේ සංචාරකයින් අතර ප්‍රචලිත පරිසර හිතකාමී සන්නාමයක් වනවා.

නිල්ධජ සහතිකයක් ලබා දෙන්නේ ජලයේ ගුණාත්මකභාවය, පරිසර කලමනාකරණය, පරිසර අධ්‍යාපන තොරතුරු හා ජනතාවගේ ආරක්ෂාව යන ප්‍රධාන අංග හතර යටතේ වූ නිර්ණායක 32ක් සපුරාලීම මගින්.

ලොව පුරා රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක මෙම වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago