Local

මෛත්‍රීපාල සිරිසේනට තවත් චෝදනාවක් !

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන ජූලි මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාදීකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට වෙත මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රයන් යන +අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් ගොනු කළ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් අප්‍රේල් මස 24 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

එම අතුරු තහනම් නියෝගය දිසා අධිකරණය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් පෙත්සම්කරු සඳහන් කළා.

එසේ තිබියදී වග උත්තරකාර මෛත්‍රිපාල සිරිසේන අදාල අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් එම පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කර ඇති බවත් පෙත්සම්කරු චෝදනා කළා.

ඉකුත් මැයි මස 12 වන දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමකදී තමන් ඉල්ලා අස්වන බවට එහි නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක වෙත මෛත්‍රිපාල සිරිසේන විසින් ලිපියක් ලබා දුන්නද එම රැස්වීම මුළුමනින්ම සිරිසේන විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු කියා සිටියා.

මේ තුළින් මෛත්‍රීපාල සිරිසේන කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා ඔහු වෙත සිතාසී යැවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් එහිදී පෙත්සම්කරු ඉල්ලා සිටියා.

ඊට අමතරව මෛත්‍රිපාල සිරිසේන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කොට ඔහුට සුදුසු දඬුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago