Local

ක්‍රීඩා සංගම් 4ක් තාවකාලිකව අත්හිටුවයි !

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය යන ක්‍රීඩා සංගම් හතරක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම නිවේදනයට අනුව අදාළ ක්‍රීඩා සංගම්වල නිලවරණයන් පැවැත්වීමේ බලය ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය, රියඅද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දුට පවර තිබෙනවා.

මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ඉහත ක්‍රීඩා සංගම් සහ සම්මේලනවලට අදාල නිලවරණය නිසි පරිදි පැවැත්වීම සඳහා පමණක් බවත්, අමාත්‍යවරයාගේ සහ රජයේ ප්‍රතිපත්තියක් වන කිසිඳු ක්‍රීඩා සංගමයකට හෝ සම්මේලනයක් වෙත අතුරු පාලක කමිටු නොදැමිය යුතුය යන ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යා යුතු වන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශේෂයෙන් අවධාරණය කර සිටිනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago