බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ එම පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිවිය.
“රට වනසන පනත් පරාජය කරමු” ලෙස සටහන් කළ විරෝධතා පුවරු සහිතවයි මේ පිරිස පැමිණ ඇත්තේ.
විරෝධතාකරුවන් නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසලදී පොලිසියෙන් බාධා කිරීමත් සමගම උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම මාර්ගයෙන් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ විරෝධතාකරුවන් අමාත්‍යවරයාට හූ කියා විරෝධයක් පළ කර තිබෙනවා.
විරෝධතාවෙන් අනතුරුව දෙපාර්ශ්වයම ඉන් ඉවත්ව ගිය බවන් වාර්තා වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…