ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබෙනවා.
ඒ සඳහා වන යෝජනාව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් අද (28) ඉදිරිපත් කළ බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කරන ලෙසටයි අදාළ යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ.
මෙම අවස්ථාවේ දී ඇති හොඳම විකල්පය මෙය බව පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා අනෙකුත් ජාත්‍යන්තර ආයතනය සමඟ ගිවිසුම් ගත වීම හේතුවෙන් මෙය අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කර සිටියේ.
මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට මෙය අත්‍යවශ්‍ය කරුණක් වනවා.
ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්රජාතන්ත්රවාදී බවයි, පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Thopi dashaka dekakma hitapiya... Api yannam ratama dala... 🤬🤬🤬