Local

16 හැවිරිදි සිසුවිය දූෂණය කළ 42 හැවිරිදි ටියුෂන් ගුරාට වැඩ වරදී !

යාපනයේ මනිපායී ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක වයස අවුරුදු දාසයක සිසුවියක් සමග ලිංගික සබඳකම් පවැත්වූ අවුරුදු හතලිස් දෙකක ගුරුවරයෙකු මනිපායී පොලීසිය විසින් ඊයේ (25) අත් අඩංගුවට ගෙන තිබේ.
එම උපකාරක පන්තියට ගිය සිසුවියක් විසින් මේ සිද්ධිය අතවරයට ලක් වූ සිසුවියගේ දෙමව්පියන්ට පැවසීමෙන් පසුව එම දෙමව්පියන් මනිපායී පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇත.

පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ අදාල ගුරුවරයා තවත් සිසුවියන් කීප දෙනෙකුම තම ග්‍රහණයට හසු කර ගැනීමට උත්සහ කොට ඇතත් එම සිසුවියන් ඊට අවනත වී නොමැති බවයි.

මේ සිසුවිය රවටා ගත් ගුරුවරයා ඇය සමග කාලයක් ලිංගික සබදකම් පවත්වා ඇති අතර සිසුවිය යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ලබාගත් වාර්තාවකින් ඒ බව සනාථ වීමෙන් පසුව ගුරුවරයාව අත් අඩංගුවට ගෙන ඇත.

එම ගුරුවරයා යාපනයේ රජයේ පාසලක ගුරුවරයෙකු වන අතර ඔහුට නිදහස් අවස්ථාවලදී මනිපායී ප්‍රදේශයේ මෙම උපකාරක පන්තිය පවත්වා ගෙන ගොස් ඇති අතර සිසුවිය සමග ඔහු ලිංගිකව හැසිරී ඇත්තේ එම උපකාරක පන්ති ගොඩනැගිල්ලේ තිබූ කාමරයකදීය.

මනිපායී පොලීසිය අදාල ගුරුවරයාගෙන් හා උපකාරක පන්තියේ තවත් සිසුවියන් කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කරගෙන යන අතර සැකකටයුතු ගුරුවරයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago