News

නිධානයේ මැණික් කෝටි14කට විකුණන්න ගිය පුද්ගලයින් 06ක් අත් අඩංගුවට !

නිධානයකින් ගත් බව කියන මැණික්ගල් 14 ක් රුපියල් කෝටි දහ තුන හමාරකට අලෙවි කිරීමට සුදානම් වු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හය දෙකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකපිට අත්අඩංගුවට ගත් පිරිස අතර අඹුසැමි යුවලක් ද සිටින බවත්, ගාල්ල හිනිදුම හා කොළඹ පදිංචි මෙම සැකකරුවන් මැණික්ගල් රැගෙන මහනුවරට පැමිණ ඇත්තේ යතුරුපැදිවලින් බවත් විමර්ශනවලින් හෙළිදරවු වී යැයි පොලිසිය කියයි.

මැණික් ගල් දෙකක් සඳහා මැණික් හා ස්වරණාභරණ අධිකාරිය මගින් නිකුත් කළ සහතියක් ද සැකකරුවන් සතුව තිබී සොයා ගෙන ඇති අතර එය ද ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවට පොලීසිය සැක කරයි.

එම වාර්තාව ද අත් අඩංගුවට ගත් සියලුම මැණික් ගල් ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

කටුගස්තොට පොලිසීයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ආර් රාජපක්ෂ ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago