Local

අවුරුදු 46කට පසු යාපනය විශ්වවිද්‍යාලයට ලැබුණු තෑග්ග මෙන්න !

දීර්ඝ කාලීන ව්‍යාපෘතියක්ව පැවැති යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පෙරවරුවේ නිල වශයෙන් විවෘත කරන ලදී.

එය වසර 46 කට පසු පීඨයේ පළමු වැදගත් ඉදිකිරීම් ව්‍යාපෘතිය වේ.

රුපියල් මිලියන 942 ක වියදමින් ඉදිකරන ලද මෙම නවීනතම පරිශ්‍රය රෝගීන්ට ප්‍රතිලාභ සහ සත්කාරකත්වය ලබාදීම සඳහා නවෝත්පාදන කිහිපයකින්ම සමන්විත වන අතර උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධි සිසුන් සඳහා සායනික පර්යේෂණ සහ පුහුණුව සඳහා සහාය වීම අරමුණු කර ඉදිකර තිබේ.

ශ්‍රී ලංකා රුපියල් මිලියන 700 ක ඇස්තමේන්තුගත අයවැයක් සහිතව 2019 වසරේදී නිම කිරීමට අපේක්ෂාවෙන් එම ව්‍යාපෘතිය 2017 දී යෝජනා කර ආරම්භ කරන ලදී.

SingHealth Duke NUS සහයෝගීතාවයෙන් යාපනය ප්‍රාදේශීය සහයෝගිතා මධ්‍යස්ථානයේ ද සහය ඇතිව මෙම ව්‍යාපෘතිය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago