Foreign

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මිය ගිය බව ඉරානය තහවුරු කරයි !

ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ විදේශ අමාත්‍යව හොසේන් අමිරබ්දොල්ලාහියන් ඇතුළු හෙලිකොප්ටරයේ සිටි සියලුම මගීන් අනතුරින් මිය ගිය බව ඉරාන රජයේ නිලධාරීන් නිල වශයෙන් තහවුරු කරන ලදී.
අයිස් සහිත කටුක කාලගුණ තත්ත්වය තුළ මෙහෙයුම් දියත් කළ සෝදිසි කණ්ඩායම් නැගෙනහිර අසර්බයිජාන් පළාතේ හිම සහිත කඳුකර ප්‍රදේශයක් මත හෙළිකොප්ටරයේ සුන්බුන් සොයා ගන්නේ සැක සහිත අනතුර සිදුවී පැය 12කින් පසුවය.

ඉරාන මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කඩාවැටුණු ස්ථානයේ ඡායාරූප පලකර තිබිණි. එහි ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය කඳු මුදුනක කැබලිවලට බිඳී සුන් වී ඇති අයුරු පෙන්වයි. Al Jazeera වාර්තාකරු Ali Hashem විසින් සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද එක් ඡායාරූපයක හෙලිකොප්ටරයේ වලිගය තණකොළ සහිත ප්‍රදේශයක උඩු යටිකුරු වී ඇති අයුරු පෙනුණි.

ජනාධිපති රයිසි, විදේශ අමාත්‍යවරයා සහ හෙලිකොප්ටරයේ සිටි සියලුම මගීන් අනතුරින් මිය ගියහ,” ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ස්වකීය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමිනි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

2 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

2 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago