Local

රටම කැළඹූ රතුපස්වල ඛේදවාචකයේ නඩු තීන්දුව වසර 11කට පසු ලැබෙයි !

වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව් දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (මැයි 17) නියෝග කර තිබේ.

හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු එලෙස නිදොස්කොට නිදහස් කර ඇත.

2013 වසරේ අගෝස්තු 1 වන දින ගම්පහ වැලිවේරියේ රතුපස්වල කේන්ද්‍ර කරගෙන පෞද්ගලික ව්‍යාපාර සමූහයකට අයත් කම්හලකින් පිටවන අපද්‍රව්‍ය මගින් පානීය ජලය විෂ වී ඇති බව පවසමින් එයට එරෙහිව පිරිසිදු ජලය ඉල්ලා පැවති විරෝධතාවක් අතරතුර මෙම හමුදා වෙඩි තැබීම සිදුව තිබිණි.

මෙම වෙඩි තැබීම සිදුවී මේ වන විට වසර 11ක් ගත වී ඇත.

එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය හෙබවූ අතර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරය දැරීය.

එම ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය අතර තවත් පාසල් සිසුන් 10කට ආසන්න ගණනක් ඇතුළුව 50ක පමණ පිරිසක් තුවාල ලැබූහ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනාට එරෙහිව නගා ඇති චෝදනා නීතිපතිවරයා විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපහොසත් වී ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චූදිතයන් පිරිස නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කරනු ලැබ ඇත.

ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද උදෑසන 9.30ට මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago