Local

සා.පෙළ විභාග මධ්‍යස්ථානයකට අනවසරයෙන් ඇතුලු වූ මවක් යකා නටයි !

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු එක් සිසුවෙකුගේ මවක්, එම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහරදීමට යාමෙන් ඊයේ (14) එම විභාග මධ්‍යස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අනුරාධපුර, ගම්බිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක්, අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අනුයුක්ත කර ඇති අතර, එම විද්‍යාලයේ සහ සහිරා විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූ දින සිට මේ දක්වා මෙම දෙපිරිස අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව ඇති අතර, පෙරේදා උදෑසන බහින්බස් වීම් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

අනතුරුව ඊයේ දිනයේදී පාසල් භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති එක් සිසුවෙකුගේ මවක්, සිසුන් කිහිපදෙනෙකුට පහරදීමට ගොස් පරුෂ වචනයෙන් බැන කලහකාරී අන්දමින් හැසිරී තිබෙනවා.

පසුව ගැටුමට මැදිහත් වූ පාසල් සිසුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, දැඩි ලෙස අවවාද කර පොලිස් ඇප මත මුදාහැරිය බවයි පොලිසිය සඳහන් කළේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago