අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (11)අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.
අක්මීමන කුරුන්දකන්ද හරස්පාර පස් මළුව පදිංචි ප්‍රසන්න කුමාර නමැති (42) හැවිරිදි පුද්ගලයකු පසුගිය 09 දා රාත්‍රී කුරුන්දකන්ද ප්‍රදේශයේ පාළු නිවසක නිදා සිටියදී සැකකරුවන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු කැත්තකින් සහ කඩුවකින් ගෙලට පහරදී ඝාතනය කර තිබෙනවා.
පසුව මියගිය පුද්ගලයාගේ සහෝදරයාද ඝාතනය කිරීමට උත්සාහ දැරීමේදී එය ව්‍යාර්ථ වී ඇති බව පොලිසිය පැවසුවා.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකුගේ ඥාති සොහොයුරියක පදිංචි රත්මලාන ප්‍රදේශයට පැමිණ ඇයගේ ලැගුම්හලෙහි සැඟව සිට තිබෙනවා.
පසුව මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත විශේෂ විමර්ශන කණ්ඩායමක නිලධාරීන් සැකකරුවන් දෙදෙනා රත්මලාන ලැගුම්හලේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…