Political

පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන්ට හා සංවිධායකවරුන්ට හදිසි කැඳවීමක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවා ඇති බව සඳහන්ය.

ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම පොහොට්ටුව හමුවීමේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී ගනුලැබු තීන්දු තීරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා පස්වරුවේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්ය.

මේ අතර වසර 05කට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සාකච්ඡාවක් සඳහා පැමිණ තිබේ.

ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති අදාළ සාකච්ඡාවට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුරේෂ් රාගවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Ceylon News Factory

View Comments

  • අපිට පුපද බන් ඉතින්..උබලගේ news මේවද

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago