Local

අවිස්සාවේල්ල හෙල්ලූ, මන්නා රමේෂ් ඩුබායිවලදී අල්ලයි – අද ලංකාවට රැගෙන එයි !

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී රතු වරෙන්තු මත එරට දී අත්අඩංගුවට ගැනුණු මෙරට සංවිධානාත්මක අපරාධ රැසක් මෙහෙයවන්නකු බවට සැලකෙන මන්නා රමේෂ් හෙවත් රමේෂ් මිහිරංග අද උදෑසන මෙරටට රැගෙන ආ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අද අලුයම ඔහු ඩුබායි සිට මෙරටට රැගෙනවිත් ඇත්තේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟිනි.

අවිස්සාවේල්ල පුදේශය කේන්දු කරගෙන ක්‍රියාත්මක වූ මෙම අපරාධ කල්ලි සාමාජිකයා එම ප්‍රෙද්ශයේ සහ ආසන්න ප්දේ‍රශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගැනීම සහ රත්නපුර ඇහැලියගොඩ වැනි ප්‍රදේශවල කෝටිපති මැණික් ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කර ලක්ෂ ගණනින් කප්පම් ලබා ගැනීම, මිනිමැරුම් සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී සිටි සැකකරුවෙකි.

මෑතකදී තල්දූවේදී අවමංගල්‍යයකට සහභාගි වී ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයන් සිව්දෙනකුට වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමද ඔහු ගේ මෙහෙයවීමෙන් සිදුවූබවට තොරතුරු ලැබිණි. රමේෂ්ගේ කල්ලියේ සගයකු වූ තල්ලුවේ මහේෂ් නමැත්තා පොලිස් වෙඩි පහරින් මිය යෑමෙන් පසු රමේෂ් නමැත්තා ඩුබායි සිට එම මෙහෙයුමට සම්බන්ද පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවටද පසුගියදා වාර්තා විය. සිට තර්ජන එල්ල කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙරටට රැගෙන එන ලද මෙම පුද්ගලයා වැඩිදුර විමරශණ සඳහා බස්නාහිර පළාත් දකුනු කොට්ඨාසයට භාර දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago