අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 24 වනදා ඇප මත මුදාහැර තිබුණි.
කෙසේ වෙතත් තමාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයෙන් දේශපාලනයට පිවිසීම නිසා තමාට අකටයුතුකම් සිදුවීමට හේතුවී ඇති බවය.
එමෙන්ම සමාජ මාධ්‍ය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න සඳහන් කළේ ඉරාජ් වීරරත්න ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් සහ බංකොලොත් වූ පොහොට්ටු පක්ෂයේ පිරිසකගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් තමන්ට බන්ධනාගාරගත වීමට සිදුවූ බවයි.
මිලියන තුනක මුදල් වංචාවක් කළ බවට තමන්ට චෝදනා එල්ල කරන පුද්ගලයා එය සිදු කරන්නේ ජනප්‍රියත්වය ලබාගැනීමට බවත් අරගලයෙන් පසු මෙම පුද්ගලයා තම නිවසට එවන ලද්දේ සැලසුම් සහගතව බව පැවසූ ඇය තම සැමියාට එම පුද්ගලයා ඩුබායිහි බන්ධනාගාරයක දී මුණ ගැසී ඇති බව ද එහිදී හෙළිදරව් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…