Local

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ කෑමවලට වස දාලා – විෂ ශරීරගත වීමෙන් රෝගී වෙයි (VIDEO)

මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අම්පාරේ දී පැවසීය. ඒ අනුව තමන්ව ඝාතනය කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් ආහාරවලට වස එක් කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,ඊයේ අම්පාරේ පැවැති මැයි රැළියක් අමතමින්.

මෙහිදී ඔහු සඳහන් කළේ,පිරිසක් ආහාරවලට වස එක් කිරීම හේතුවෙන් දින 45කට ආසන්න කාලයක් රෝගාතුරව සිටීමට සිදු වූ බවයි.

නිරෝගී පුද්ගලයකු ලෙස ලංකාවෙන් පිටත්වූ තමන්, ජපානයට යනවිට රෝගියකු වූ බවත්, වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වූයේ රසායනිකයක් ශරීර ගතවී ඇති බව යයි ද, පැවසූ රොෂාන් රණසිංහ මහතා, දූෂණ හා වංචා හෙලිකරනවාට බියවූ එක්තරා බලගතු පිරිසක් මේ පිටුපස සිටින බවට සැකයක් මතුව ඇතිබව ද, සදහන් කලේය.

ඉදිරියේ දී ද දූෂණයට හා වංචාවට එරෙහිව නොබියව සටන් වදින බව පැවසූ ඒ මහතා, තම පක්ෂයේ මූලික ප්‍රතිපත්තිය වන්නේ දූෂණය හා වංචාව තුරන්කිරීම බව ද, ප්‍රකාශ කලේය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago