සාදයක ඇති වූ ගැටුමින් සරසවි සිසුන් 12ක් අත්අඩංගුවට !

කොළඹට නුදුරු සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කොට කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

ගැටුම අතරතුරදි ආදි සරසවි සිසුවකු පැදවූ වෑන් රථයක හෝටල් සේවකයකු අනතුරට ලක් කිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

එම සරසවියේ දැනට අධ්‍යාපනය ලබන හා ආදි සිසුන් පිරිසක් අතර හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 30 දා සවස සිට මත්පැන් සාදයක් පවත්වා තිබේ.

මේ සඳහා සිසුන් හා ආදි සිසුන් පිරිසක් සමග ඔවුන්ගේ හිතවතුන් පිරිසක් සහභාගී වී සිට තිබේ.

එහිදි සිසුන් අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර එය දුර දිග යාමෙන් සුළු ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී එම ගැටුම පාලනය කිරීම සඳහා හෝටල් සේවකයන් මැදිහත්වීමත් සමඟ සාදය සඳහා සහභාගී වූවන් හෝටල් සේවකයින් අතර ආරවුලක් හටගෙන දෙපාර්ශ්වය විසින් එකිනෙකා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago