Local

ගීත 7 ගායනා කිරිම වලක්වාලමින් සේනක බටගොඩට එරෙහි නිකුත් කරන ලද වාරණ නියෝගය දීර්ඝ කරේ !

කොළඹ වාණි​ජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7 ගායනා කිරිම වාරණය කරමින් නිකුත් කර තිබු වාරණ ආඥාව, එකී නඩුව අද දින කැදවීමෙන් අනතුරුව නැවතත් 2024/6/18 දින දක්වා දීර්ඝ කරනු ලැබුවා.

අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය ගරු අධිකරණය විසින් සේනක බටගොඩ​ට වාරණය කරන ලද ගීත අතරට ඇතුලත්.

එකී ගීත වල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක යන අය විසින් මෙම නඩුව සේනක බටගොඩ යන අයට එරෙහිව ගොනු කරමින් වාරණ ආඥාවක් ලබා ගනු ලැබුවා.

නැවත මෙම නඩුව 2024/6/18 දිනැතිව කැදවීමට ගරු වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.

පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තිලිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටියා.

Team CNF

Recent Posts

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

4 hours ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

8 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

8 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

8 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

21 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

22 hours ago