ඉන්ධන මිල අද පහළට ? – මිල සූත්‍රයේ වෙනසක් !

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ පසුව එම මිල ගණන් තීරණය කිරීමට නියමිතයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් ශක්තිමත් වීම හේතුවෙන් ඉන්ධන මිල අඩු වනු ඇති බව බොහෝ පිරිස් විශ්වාස කරනවා.

කෙසේ වෙතත් මිල සළකා බැලීමේදී මිල කමිටුව රුපියලේ අගය ඉහළ යෑම සැළකිල්ලට ගන්නා නමුත් එය එකම නිර්ණායකය නොවන බව සඳහන්.

වෙළඳපොළේ සැබෑ ඉන්ධන මිල කෙරෙහි බලපාන සියලු සාධක මත මිල තීරණය කරන බවටයි අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතර මහජනතාවට සහන ලබා දීමේ අරමුණින්, මිල සූත්‍රය වෙනස් කිරීමට කටයුතු කළ බව ද පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා ප්‍රකාශ කළා.

ජනතාවට සහන සැලසීමෙන් අරමුණින් ලාභ සීමාව සියයට 4 සිට 1 දක්වා අඩු කළ බවයි ඔහු සඳහන් කළේ.

පසුගිය මස 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරුණා. එහි දී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින් අඩුකර කළ අතර එහි වත්මන් මිල වන්නේ රුපියල් 440ක්.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දැමුවා. එහි අනුව එහි මිල රුපියල් 386ක් වනවා.

එමෙන් ම භූමිතෙල් ලීටරයක් ද රුපියල් 12කින් අඩු කිරීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් මෙම මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල වෙනස් වූයේ නැහැ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 371කටත් සුදු ඩීසල් ලීටරයක් රුපියල් 363කටත් අලෙවි වනවා.

මේ අතර සිපෙට්කෝ මිලට සමාන වන අයුරින් LIOC සමාගම ද ඔවුන්ගේ මිල ගණන් මේ ආකාරයෙන්ම සංශෝධනය කළා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago