කන්තලේ, භාරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩිතබා ඝාතනය කරන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයා ඊයේ (28) නියම කළා.
එහිදී විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසටයි නියෝග කෙරුණේ.
මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ භාරතීපුරම් පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා, උප පොලිස් පරික්ෂකවරයෙක් සහ පොලිස් සැරයන්වරු තිදෙනෙක්ටයි.
1998 වසරේ ජනවාරි 31 වැනිදා හෝ ඊට අසන්න දිනයක කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් හදිසි නියෝග අවස්ථා විධිවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…