Local

හිරේ සිටින පුතාට බීඩි ගෙන ගිය මවට බන්ධනාගාර නිලධාරීන් පහර දීලා !

යාපනය බන්ධනාගාරයේ රදවා සිටින සිය පුතාට බීඩි තොගයක් රැගෙන ගිය මවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් තමන්ට පහර දුන් බවට චෝදනා කර තිබෙනවා.

තමන්ට පමණක් නොව බන්ධනාගාර ගත කොට සිටින තම පුතාටද තමා ඉදිරියේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඉතා අමානුෂීය ලෙස පහර දුන් බවයි අදාළ කාන්තාව මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කර ඇත්තේ.

මේ පිළිබදව සැලකිල්ල යොමු කළ මහේස්ත්‍රාත්වරයා එම කාන්තාවත් සිරකරුවාත් වහාම යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බවද සඳහන්.

මහේස්ත්‍රාත්වරයා අදාළ කාන්තාව හා සිරකරුවාව දැඩි පොලිස් රැකවරණය මත රදවා ගන්නා ලෙසද පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් පසුව මවට පහර දුන් බව කියන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් බන්ධනාගාර ජ්‍යේෂ්ඨ නිලධාරීන් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පහර කෑමට ලක් වූ බව කියන මවගේ ඥාතීන් පිරිසක් මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් කාර්යලයට ද පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago