Local

වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්

වාහන ආනයනය කිරීමට පනවා තිබූ තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ආරංචි මාර්ග වාර්තා කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා වාහන ආනයනය කිරීමට පනවා ඇති තහනම ඉවත් කිරීමට අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට සූදානම් වන නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් එලෙස ලබන වසර මුලදී එම තහනම ඉවත් කරනු ඇතැයි ද සඳහන්.

මෝටර් රථ ආනයන තහනම ඉවත් කරන්නේද නැද්ද යන්න අවසන් තීරණය ගැනීම සඳහා එම කමිටුවේ නිර්දේශය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.

එමෙන්ම මෙම තහනම ඉවත් නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වනු ඇතැයිද එම නිසා මෙම තහනම ඉවත් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයිද එම කමිටුව විසින් තීරණය කර ඇති බවත් වාර්තා වෙනවා.

ඇමරිකානු ඩොලරයේ අගය දිගු කාලයක් පාලනය කිරීමට නොහැකි බැවින් ආනයන තහනම ඉවත් කිරීම වැදගත් වනු ඇතැයිද නමුත් ආනයනය කරනු ලබන වාහන මාදිලි සහ එම වාහන වල නිෂ්පාදිත වර්ෂ තවමත් තීරණය කර නැතැයිද භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 800ක් ශ්‍රී ලංකාවට අහිමි වුවත් ඉන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 340ක බදු ආදායමක් රජයට ලැබෙනු ඇතැයිද එමගින් ලබන වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරාගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයිද සඳහන්.

Ceylon News Factory

View Comments

  • තනිකරම ඇඟ බේරගෙන රීච් බලාගෙන ලියපු නිව්ස් පඩංගුවක් 😂

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago