News

සුප්‍රකට Tik Tok තරුව​ක් වෙඩි තබා ඝාතනය කරයි (VIDEO)

ඉරාකයේ සුප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක මෙන්ම ටික් ටෝක් (Tik Tok) තරුවක වූ ඕම් ෆහාඩ්, සයුනා දිස්ත්‍රික්කයේ බැග්ඩෑග්හි සිය නිවස ඉදිරිපිට දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන ඝාතකයෙක් විසින් ඊයේ (26) වෙඩි තබා ඝාතනය කර තිබේ.

ගුර්ෆ්‍රාන් සවාඩි (Ghufran Sawadi) වන මැයගේ සමාජ මාධ්‍ය නාමය බවට පත්වූයේ ඕම් ෆහාඩ් නමයි.

@om.fahd9

معليكم بلكفشهًً 😜🤣🤣🤣🐆🐆🐆😡

♬ الصوت الأصلي – om.fahd9

මෙම නාඳුනන ඝාතකයා ඕම් ෆහාඩ්ට ඇගේ නිවස ඉදිරිපිට මෝටර් රථය තුළ සිටිය​දී මෝටර් රථයේ දොර හැර වෙඩි තබා ඝාතනය කර තිබිණි.

ඇයව ඝාතනය කළ අවස්ථාවේ දර්ශ​න පහත දැක්වේ.

ඉරාක ආරක්ෂක මූලාශ්‍රයක් පැවසුවේ ප්‍රහාරකයා ආහාර බෙදා හරින සමාගමක ආහාර බෙදා හරින්නෙක් ලෙස වෙඩි තැබීම සඳහා පැමිණ සිටි බවයි.

ඕම් ෆහාඩ් ප්‍රසිද්ධියට පත් වූයේ ඇය සිය සිරුරට හිරවන ලෙ​ස තද ඇඳුම් ඇඳ ඉරාක සංගීතයට නටන සැහැල්ලු හදවත් ඇති ටික්ටොක් වීඩියෝ සඳහා ය.

“අසභ්‍ය අදහ​ස් ප්‍රචාර​ය සහ මහජන සදාචාරය හෑල්ලු කරන ආකාර​යේ වීඩියෝ” හුවමාරු කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඉරා​ක අධිකරණය ඇයට මාස හයක සිර දඬුවමක් ද නියම කළේය.

ඉරාකයේ “සදාචාර සහ සම්ප්‍රදායන්” උල්ලංඝනය කළ බව පවසන සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ඉවත් කිරීම සහ විමර්ෂන​ය සඳහා 2023 දී ඉරාක රජය සිය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මුලිකත්වයන් කමිටුවක් පත් කරන ලදී.

එහිදී Tik Tok, YouTube සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රචාරයට පත් වූ අහිතකර යැයි සැලකෙන වීඩියෝ කොටස් නිරීක්ෂණය කළ එම අනු කමිටුවේ නිර්දේශ මත ෆඩාහ් ඇතුළු කීප දෙනෙක්ම අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙම ඝාතනයත් අදාළ සදාචාර සීමා සම්බන්ධ ගැටලුවක් වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සැක පළ කරයි.

සදාම් හුසේන් බලයෙන් පහ කිරීම සඳහා 2003 එක්සත් ජනපද ආක්‍රමණයේ සිට වසර ගණනාවක යුද්ධය සහ නිකායික ගැටුම් තිබියදීත්, ඉරාකය නැවත සාමාන්‍ය තත්වයට පත්ව ඇත.

නමුත් සිවිල් නිදහස, කාන්තාවන්, සංක්‍රාන්ති ලිංගික සුළුතරයන් සහ අනෙකුත් කණ්ඩායම් සඳහා ගතානුගතික සමාජ සීමා තවමත් ඉරාකය තු​ල ක්‍රියාත්මක වේ.

2018 වර්ශ​යේ දී, නිරූපිකාවක් සහ සමාජ මාධ්‍ය තරුවකවන Tara Fares ද බැග්ඩෑඩ්හිදී වෙඩි තබා ඝාතනය කරන ලදී.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago