බකිංහැම් රජ මාලිගයෙන් ලැබුණ සුබ පණිවිඩය මෙන්න !

2.7k Views
1 Min Read

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු ලබන සතියේ නැවත මහජන කටයුතු ආරම්භ කරන බව බකිංහැම් මාලිගය පවසනවා.

ඒ ඔහුගේ පිළිකා ප්‍රතිකාරවල දිරිගන්වනසුලු ප්‍රගතියක් ලබා ගැනීමෙන් පසුවයි.

කෙසේ වෙතත් මෙහිදී රජුගේ නිල කටයුතු පූර්ණ වශයෙන් නැවත ආරම්භ කිරීමක් නොවන නමුත් මාලිගාව ධනාත්මකව සිටින බවයි සඳහන් කරන්නේ.

රජු ලබන අඟහරුවාදා පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට සංකේතාත්මක චාරිකාවක් ආරම්භ කරමින් තම නිල කටයුතු අරඹන බව සඳහන්.

ඉන් පසුව ඔහුගේ සැලසුම්වලට රාජ්‍ය සංචාරයක් ඇතුළත් වන අතර එහිදී ඔහු ජපානයේ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය සඳහා සත්කාරකත්වය සපයනු ඇති.

ඉදිරි සතිවලදී, ඔහු තවත් බාහිර කටයුතු සැලසුම් කර ඇති බව මාලිගය පවසනවා.

Share This Article
Leave a comment