Local

වවුනියා විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මහ රෑ “ෂෝ මෑන්” රිංගලා – සියලුම නේවාසික ශිෂ්‍යාවෝ නේවාසිකාගාරය අතහැර නිවෙස්වලට යති !

වවුනියා විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මැදියම් රැයේදී අඩ නිරුවතින් පුද්ගලයෙකු ඇතුලුවීමත් සමගම බියට පත් වූ කාන්තා නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් එම නේවාසිකාගාරයෙන් ඉවත් වී ඊයේ (25) නිවෙස් වලට ගොස් තිබේ.

කිසියම් ශබ්දයක් ඇසී එක් ශිෂ්‍යාවක් අවදි වී නේවාසිකාගාරයේ විදුලි පහන් දැල් වූ අවස්ථාවේදී කුඩා යට ​ඇදුමකින් පමණක් සැරසී සිටි එම පුද්ගලය කාන්තා නේවාසිකාගාරයෙන් පලා ගොස් තිබේ.

එම පුද්ගලයාව කාන්තා නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් කීප දෙනෙකු විසින්ම දැක ඇති අතර උදෑසන විශ්වවිද්‍යාල කාන්තා නේවාසිකාගාරයේ සී.සී.ටීවී කැමරා පද්ධතිය පරීක්ෂා කරණ විට කිසියම් පුද්ගලයෙකු අඩ නිරුවතින් කාන්තා නේවාසිකාගාරයට ඇතුලු වන දර්ශන එහි සටහන් වී තිබී ඇත.

විශ්වවිද්‍යාල බලධාරීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත් පියවර ප්‍රමාණවත් නොමැති බවත් කාන්තා නේවාසිකාගාරය තුළ තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් කියමින් ශිෂ්‍යාවන් සියලු දෙනාම විශ්ව විද්‍යාලයෙන් පිටව නිවෙස් වලට ගොස් තිබේ.

මේ සිද්ධිය දුරකතන පණිවුඩයක් මගින් නිවසට දැනු​ම් දුන් එක් ශිෂ්‍යාවකගේ මවක් හදිසියේම වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් රෝහ​ල් ගත කොට තිබේ.

වවුනියාව විශ්ව විද්‍යාලය හා කාන්තා නේවාසිකාගාරය පිහිටා ඇත්තේ වවුනියාව මන්නාරම මාර්ගයේ පම්පමඩුව ප්‍රදේශයේය.

එම ප්‍රදේශය මදක් කැළෑබද ප්‍රදේශයක් වන අතර කාන්තා නේවාසිකාගාරයේ ශිෂ්‍යාව​න් ප්‍රකාශ කරන්නේ විශ්ව විද්‍යාලය තුළ සේවයට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන්ට මසකට රුපියල් ලක්ෂ ගණනක් වැටුපක් ලබා දෙද්දී ඔවුන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරණ බවයි.

වවුනියාව විශ්ව විද්‍යාලයේ බලධාරීන් මේ පිළිබඳව වවුනියාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Ceylon News Factory

View Comments

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago