මැලේසියාවේ රාජකීය නාවික හමුදා පෙළපාලියක පෙරහුරුවක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සීඑන්එන් මාධ්‍ය වාර්තා පවසනවා.
එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති බවත්, අනෙක් හෙලිකොප්ටරය ඒ අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බවත් සඳහන්.
අනතුරට පත්වන අවස්ථාවේ හෙලිකොප්ටර් යානා දෙකෙහි කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු පමණ සිට ඇති අතර එම කාර්යමණ්ඩල සාමාජිකයින් දසදෙනා මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මැලේසියාවේ බටහිර පෙරාක් ප්‍රාන්තයේ – ‘ලුමුට් නාවික කඳවුරේ’ දී එරට වේලාවෙන් පෙරවරු 9.32ට පමණ මෙම අනතුර සිදු වූ බවටයි මැලේසියානු නාවික හමුදාව නිවේදනය කර ඇත්තේ.
අනතුරින් තුවාල ලැබූවන් එම ස්ථානයේදීම මියගිය බව තහවුරු කර ඇති අතර අනන්‍යතාව හඳුනාගැනීම සඳහා ඔවුන්ගේ මළ සිරුරු ‘ලුමුට් හමුදා මූලික රෝහල’ වෙත යවා තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…