පළාත් 07ක උණුසුම අදත් (22) අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසකට මෙම උෂ්ණත්වය බලපාන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල ද උණුසුම හෙට (23) දිනයේදීත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.