Local

යාඥා මධ්‍යස්ථානයක් නිසා හාමුදුරුවරු පොලිසි යති !

සූරියවැව හත්පහ ප්‍රදේශයේ කුළියට ලබා ගත් ගොඩනැගිල්ලක අන්‍යාගමික යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් සූරියවැව විහාරාධිපති හිමිවරුන්ගේ සංගමයේ හිමිවරු පිරිසක් අද (21) පෙරවරුවේ සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සූරියවැව පොලිසිය පවසයි.
සූරියවැව විහාරාධිපති හිමිවරුන්ගේ සංගමයේ සභාපති හිමියන්, සාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරි හිමියන් ඇතුළු සූරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි ග්‍රාම නිළධාරී වසම් 21 තුළ පිහිටි විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් ඇතුළු පිරිසක් මෙලෙස පොලිස් ස්ථානයට පැමිණි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරිමට පැමිණි භික්ෂූන් වහන්සේ පැවසුවේ මෙතෙක් කලක් කිසිදු ආගමික ගැටලුවකින් තොරව සූරියවැව ජනතාව සාමකාමිව සිටි බවය.

හදිසියේම මෙලෙස බෞද්ධ ජනතාවක් සිටින මෙවැනි ප්‍රදේශයක අන්‍යාගමික යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමෙන් ජනතාව අතර මෙතෙක් පැවති සමගිය හා සාමය බිඳවැටිය හැකි බවය.

පාස්කු ප්‍රහාරයට වසර 05ක් පිරිම නිමිති කරගෙන සූරියවැව මෙම යාඥා මධ්‍යස්ථානය විවෘත කිරීමට කටයුතු යොදා තිබියදි ප්‍රදේශයේ මහා සංඝයා මෙලෙස ඊට විරෝධය පළ කර පොලිසියට පැමිණිල්ලක ඉදිරිපත් කෙරුණි.

පොලිසියට ලද පැමිණිල්ලට අනුව දෙපාර්ශවය පොලිසීයට ගෙන්වා විභාග කරන තෙක් අදාල යාඥා මධ්‍යස්ථානය වසා දැමිමට පොලිසිය කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago