Local

නිදහස් පක්ෂයට නව වැඩ බලන සභාපතිවරයෙක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිතරඟයෙන් අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කර තිබෙනවා.

ඒ අද (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් කැඳවා තිබූ රැස්වීමක දී යි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලයකදී අද පෙරවරුවේ රැස්වුණා.

ඒ සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුලු පිරිසක් සහභාගි වෙනු ලැබුවා.

මේ අතර ඊයේ පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා කැඳවූ බව කියන දේශපාලන මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරණතුංග සමග කටයුතු කරන පිරිස මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල නොවන දේශපාලන මණ්ඩල රැස්වීමක් ඊයේ පවත්වා ඇති බවට එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක විසින්ද චෝදනා එල්ල කරනු ලැබුවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකයි අද දිනයේද මෙලෙස නිදහස් පක්ෂ විධායක සභාව රැස්කරනු ලැබුවේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago