හම්බන්තොට මහ රෝහලේ තෙවැනි විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාත් නොදන්වා විදේශගත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
එම රෝහලට අනුයුක්ත කළ විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරුන් දෙදෙනෙක් මීට පෙර ද රෝහල් බලධාරීන්ට නොදන්වා විදේශගත වී තිබිණි.
එම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනා තමන් විදේශගත වූ පසු එ් බව රෝහලේ වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දී තිබිණි.
ඒ ආකාරයෙන්ම මෑතක දී රෝහලට පැමිණි විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා ද විදෙස් ගත වී කෙටි පණිවිඩයක් මගින් තමන්ගේ විදෙස්ගතවීම දන්වා ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ අයන්ති ජයවර්ධන පවසයි.
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350ක් මේ වනවිට රට හැර ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකින් මේ වනවිට හෙළි කරගෙන ඇත.
මේ රට හැර යෑමෙන් වැඩි වශයෙන් බලපෑම් සිදුවී ඇත්තේ නිර්වින්දන සහ ළමා රෝග ක්ෂේත්රවලට බව ද එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත.