Foreign

රුපියල් 1900කට කොත්තුවක් ගන්න බෑ කී විදේශිකයාට අඩන්තේට්ටම් කළ තුට්ටු දෙකේ මැරයා අත් අඩංගුවට (VIDEO)

රුපියල් 1900කට කොත්තු රොටියක් විකිණීමට ගොස් එය ප්‍රතික්ෂේප කළ විදේශිකයෙකුට බැණ වැදී පහත් ලෙස පළවා හරින තුට්ටු දෙකේ චණ්ඩියා පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

Emeka Iwueze නැමැති මෙම අමරිකානු ජාතිකයා විසින් ලංකාවේ සංචාරක අත්දැකීම් සම්බන්ධ වීඩියෝවක් පටිගත කරමින් කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ ප්‍රදේශයේ Street Foods අලෙවි සලකට ගිය අවස්ථාවේ දී ඔහු මෙම පීඩාකාරී අත්දැකීමට මුහුණ දෙන්නේය.

අදාළ පුද්ගලයාගේ මැර හැසිරීම සමා‍ජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූයේ දුටුවන් ලජ්ජාවට පත් කරමිනි.

සංචාරක කර්මාන්තයෙන් ගොඩ එන්නට සැලසුම් කරන රටක මේ ජාතියේ ගොබ්බයින් කරන්නේ රටටම මහත් විනාශයක් බවට වූ සමාජ කථිකාව නිර්මාණය වූයේ මීට දින කීපයකට පෙර කළුතර දී විදේශිකයෙකුගෙන් උළුඳු වඩේකට සහ ප්ලේන්ටියකට රුපියල් දහසක් ඉල්ලා රටම කළු කළ ගොං වෙළෙන්දාගෙන් පසු දුටු මේ වීඩියෝවත් සමගය.

කෙසේ වෙතත් මේ වනවිට ඒම පුද්ගලයා විදේශිකයාට බැණ තර්ජනය කිරීම සම්බන්ධව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

එසේ අත් අඩංගුවට ගෙන තිබුණේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි. අත් අඩංගුවට ගත් පුද්ගලයා හෙට (17) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත පුවත වාර්තා වූ පසු Emeka Iwueze සිය Youtube නාලිකාවේ පලකල පණිවිඩය

සිද්ධිය සම්බන්ධව කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සිදුවීමට අදාලව EMEKA IWUEZE නාලිකාවේ පලකල වීඩියෝව පහත දැක්වේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago