Local

පාලිත තෙවරප්පෙරුම බලන්න ජන ගඟක් රෝහලට (PHOTOS)

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

ඔහුගේ හදිසි මරණය සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු පැවසුවේ ඔහුගේ පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී මෙලෙස විදුලි සැර වැදී මරණයට පත් වූ බවයි.

එසේ විදුලිය ලබා ගෙන තිබුණු තැන් අතරින් බිම තිබුණු විදුලි වයරයකින් විදුලි සැර වැදී ඇති බවත් එම ස්ථානයේ සිටි සේවකයන් වහා ඔහු රෝහල් ගත කිරීමට පියවර ගත් නමුත් හිටපු මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත් වූ බවයි.

ඔහු එහිදි වැඩිදුරටත් පවසා සිටියේ රෝහලට ඇතුලත් කිරීම සඳහා දුර අනුව විනාඩි 40ක පමණ කාලයක් ගත වූ බවයි.

මේ වන විට කළුතර ශික්ෂණ රෝහල වෙත පාක්ෂිකයන්, හිතවතුන් ඇතුලු විශාල ජනතාවක් එක්ව තිබෙන අතර තත්වය පාලනය කිරීම සඳහා පොලීසියද පැමිණ තිබෙනවා.

හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ අසීමිත සමාජ සේවාව නිසා ඉමහත් ජනාදරයට පත්වූ ඔහුගේ හදිසි අභාවය කළුතර දිස්ත්‍රික් ජනතාවට ඉමහත් සංවේගයක් ඉපදවන්නක් වන අතර මේ වන විට කළුතර ශික්ෂණ රෝහල ජනතාවගෙන් පිරී ඉතිර ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago