Local

අවුරුද්දට අසල්වැසි නිවසට ආ 17 හැවිරිදි තරුණියකට වෙඩි තබයි – සැකකරු පලා යයි !

මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේ දී 17 හැවිරිදි තරුණියකට වෙඩි තබා තිබේ.

ඊයේ (14) රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීම හේතුවෙන් තරුණිය බරපතල තුවාල සහිතව රෝහල් ගත කර තිබේ. මේ වනවිට ඇය පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති අතර ඊයේ රාත්‍රී 8.30 ත් 8.45 අතර කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් එම තරුණියගේ ගෙල ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති අතර ඇගේ තත්වය බරපතල හෙයින් ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහ රෝහලෙන් අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

මෙම තරුණිය අලුත් අවුරුදුද්ද නිමිත්තෙන් අසල්වැසි නිවසකට අවුරුදු නෑගම් ගොස් සිටි අවස්ථාවේදී මෙම වෙඩි වැදීමට ලක්ව ඇත

ඇය පවත්වාගෙන ගිය බව කියන ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන ඇති වූ ගැටුමකට පසු මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි සැකකෙරෙන බව මින්නේරිය පොලීසිය පවසයි.

තරුණියගේ මව පවසන්නේ තමන් ඥාති නිවසකට පවුලේ අය සමග පැමිණ සිටි බවත්, එහිදී තරුණිය සිය ජංගම දුරකථනයත් රැගෙන එළියට පැමිණි විට රතිඤ්ඤා සද්දයක් වැනි හඬක් ඇසුණු බවත්ය. ඇයට වෙඩි වැදී ඇති බව දන්නේ ඉන් පසුව බව ඇය කියන්නීය.

තරුණිය සමග සම්බන්ධයක් පැවැත්වූ පුද්ගලයෙක් මෙම අපරාධය කරන්නට ඇති බවට ඇය සැක කරන්නීය.

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගයෙකු බවට මින්නේරිය පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර එම සැකකරු මේවනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

එම සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා මින්නේරිය පොලීසිය විසින් මේවනවිට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

10 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

11 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago