හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ඊයේ (07) දින ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන ගුවන් භටයකු අද (08) අළුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මියගිය සැකකරුගේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු නිවසේ නොසිටි බැවින් පොලිසිය විසින් අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ යෙදී සිට ඇත.
එලෙස රථ වාහන පරීක්ෂා කරන අතරතුර සැක කටයුතු යතුරු පැදියක් එම ස්ථානයෙන් ධාවනය කර ඇති බවත් එම අවස්ථාවේදී යතුරු පැදිය නවත්වන ලෙස සංඥා කළත් සැකකරු නොනවත්වා යතුරු පැදිය ඉදිරියට ධාවනය කර පොලිස් නිළධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී ආත්මාරක්ෂාව සදහා පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී වෙඩි වැදුණු සැකකරු බරපතල තත්වයෙන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි ගුවන් හමුදා කෝප්‍රල්වරයකු ද වන ගුවන් හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙකි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…