Political

IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්ද නෑ – ජනපති දැනුම් දෙයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමැති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුවත් කර තිබේ.

රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථාවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කියා ඇත.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව එළඹෙන්නේ මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව වන හෙයින් ජනපතිවරණය පැවැත්වීම අයි.එම්.එෆ් වැඩසටහනට බාධාවක් නොවන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ අනුව රජය මැතිවරණ සිතියම සැලසුම් කර තිබෙන බව කීය.

එහෙයින් මුලින්ම ජනාධිපතිවරණයට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් දැනුම්වත් කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට මෙයින් ඉඟියක් දී ඇති බව පැහැදිලි යැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago