Local

හොඳම බේබද්දා තේරීමේ තරගයට සහභාගී වූ තරුණයෙකු මත් පැනින්ම මරුට!

හැටන් වතු යායේ තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කරන පුද්ගලයා තේරීමේ තරඟයක් පවත්වා ඇති අතර එම තරගයට සහභාගී වූ පුද්ගලයෙකු ඊට පසු දින නිදියහනේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මත්පැන් බෝතල් තුනක් තරගකරුවන් තුන් දෙනෙකු අතරේ ලබා දී ඇති අතර අඩුම කාලයක් තුලදී අදාල මත්පැන් බෝතලය පානය කරන ලද පුද්ගලයා ජයග්‍රාහකයා ලෙසද තෝරා පත් කර ගැනීමටයි තරුණ පිරිස මෙම තරගයේදී කටයුතු සූදානම් කර තිබුනේ.

පසුගිය 27 වැනි දින අදාල උත්සවය පවත්වා ඇති අතර එම තරගයට එම වතු යායේ පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත්ව ඇති අතර මිය ගිය පුද්ගලයා අදාල තරගයෙන් ජයග්‍රහණයද කර තිබෙනවා.

අදාල තරගකරු තරගය නිමවා නිවසට පැමිණ රාත්‍රි ආහාර ගෙන නින්දට ගිය පසු ඊට පසුදින අළුයම නින්දේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම තරගයට ඉදිරිපත් වූ තවත් අයෙක් අධික ලෙස රෝගාතුර වී දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයිද සඳහන්.

නිව්මෝනියා උණ රෝගය වැලඳි තිබීම සහ ගෙල නහරයේ ආහාර සිරවීම බවයි මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.

Ceylon News Factory

Recent Posts

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

1 day ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago

ලබන අවුරුද්දේ තවත් ඡන්දයක් !

ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා…

2 days ago

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් – නිල ප්‍රකාශය අද !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන්…

2 days ago