Local

දුමින්ද, ලසන්ත සහ අමරවීර ශ්‍රීලනිප තනතුරුවලින් එළවයි – අලුත් මූණු මෙන්න !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරු දැරූ තිදෙනෙකු ඉන් ඉවත් කර තිබෙනවා.

ඒ, අද (30) රැස්වූ පක්ෂ විධායක සභාව විසින්.

එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් කර ඇති බව සඳහන්.

එමෙන් භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් රැස්වී අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව හිස් වූ ධුර සඳහා නව පත් කිරීමට සිදු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ, කේ.පී ගුණවර්ධන මහතායි.

ඔහු මීට පෙර මහියංගනය ආසන සංවිධායක ලෙස කටයුතු කළා.

පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර ඇති බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස සරත් ඒකනායක මහතාව පත් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago