Local

මීගමුව සම්බාහන මධ්‍යස්ථාන සේවිකාවන් අතර එච්.අයි.වී ආසාදිතව හමුවන දෙදෙනාගෙන් කෙනෙක් 15 හැවිරිදි දැරියක්!

මීගමුව නගරය අවට වහාම ක්‍රියාත්මක වූ වසා දැමූ සම්බාහන මධ්‍යස්ථාන 53ක සේවය කළ තරුණියන් 120 දෙනා අතරින් හමුවූ එච්.අයි.වී ඒඩ්ස් ආසාදිත දෙදෙනාගෙන් කෙනෙක් වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම දැරිය සිය ඥාතීන් සමග ඇති වූ ආරවුලක් මත නිවසින් පිටවී පැමිණි පසු යම් පුද්ගලයෙක් විසින් ඇයව මෙම සම්බාහන මධ්‍යස්ථානයට යොමු කර ඇති බවත් එහිදී ඇයව අති විශාල පිරිසක් සමග ලිංගික සම්බන්ධතා සඳහා යොමුකරමින් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවත් අනාවරණය වී ඇත.

එච්.අයි.වී පැතිරී යෑමේ අවදානම සම්බන්ධව හෙළිදරව් වන්නේ මතට ඇබ්බැහි වූ පුද්ගලයන් වෛද්‍ය සායන සඳහා යොමු කෙරෙන “සවිය වැඩසටහන” අතරතුර මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ එක් මත්ලෝලියෙකු HIV ආසාදිතයෙකු බවට තහවුරුවීමත් ඔහු මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන අයෙකු බවට හෙළිවීමත් සමග ය.

මේ තොරතුරත් සමග මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා ගේ මෙහෙයවීමෙන් මීගමුව පොලිස් කොට්ඨාසය තුළ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන 53ක් මීගමුව පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කෙරුණේය.

එය සතියක පමණ කාලයක සිට දියත් වූ මෙහෙයුමක් විය.

මෙහෙයුම අතර මෙම සම්බාහන මධ්‍යස්ථානවල සේවා සැපයූ තරුණියන් 120ක් පොලිස් භාරයට ගෙන ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකළ විට ඉන් දෙදෙනෙක් එච්.අයි.වී ආසාදිතයන් බවත් 08 දෙනෙක් වෙනත් සමාජ රෝග ආසාදනය වූ කාන්තාවන් බවත් හෙළිදරව් වී තිබේ.

15 හැවිරිදි දැරිය මේ එච්.අයි.වී ආසාදිත දෙදෙනාගෙන් කෙනෙකි.

එම 15 හැවිරිදි දැරිය සමග ලිංගික සබඳතා පැවැත්වූ එක් අයෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය කියයි. එච්.අයි.වී ආසාදිත දෙදෙනා සමග සම්බන්ධතා පැවැත්වූ පිරිස හඳුනා ගැනීමේ මෙහෙයුමක් ද දියත් වී තිබේ.

මෙම මෙහෙයුම අතර දී හෙළි වන්නේ මීගමුව පොලිස් කොට්ඨාසයේ කිසිම සම්බාහන මධ්‍යස්ථානයක් විධිමත් නීත්‍යානුකූල අවසරයක් යටතේ පවත්වාගෙන ගොස් නැති බවය.

නගර සභාවේ අවසරයකින් තොරව බලපත්‍ර රහිතවපවත්වාගෙන ගොස් ඇති මෙම සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීමේ අවකාශයක් ද නාගරික කොමසාරිස්වරයාට අවකාශයක් තිබී නැත.

මේ වනවිට එම සියලුම සම්බාහන මධ්‍යස්ථාන වසා දමා ඒ මධ්‍යස්ථානවල නාම පුවරු සියල්ල ද ගලවා දමා තිබේ.

මෙම පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මීගමුව පොලිස් කොට්ඨාසයේ මීගමුව, කොච්චිකඩේ සහ සීදුව යන ප්‍රදේශ තුළ සියලු සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට මීගමුව පොලීසිය මේ වන විට කටයුතු කර තිබේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago