ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස්හි මෙරට මෙහෙයුම් මේ වන විට අත්හිටුවා තිබෙනවා
පසුගිය දා කොළඹ වානිජ මහාධිකරණය ලබා දුන් වාරණ නියෝගයක් ප්‍රකාරව මෙම මෙහෙයුම් අත්හිටුවීම සිදුව තිබුණා.
මෙම මෙහෙයුම් අත්හිටුවීම හරහා මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලයේ දේශීය නියෝජිතත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළ පළ වුණා.
එසේ පළ වූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අබාන්ස් පීඑල්සී අවධාරණය කරන්නේ මැක්ඩොනල්ඩ් අවන්හල් ජාලයේ දේශීය නියෝජිතත්වය තම සමාගම් සමූහය යටතේ නොපවතින්නක් බවයි.
මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලයේ මෙරට නියෝජිතත්වය ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පුද්) සමාගම සතුව ඇති බවත් එහි ප්‍රධාන කොටස්කරුවා වන රුසි පෙස්ටොන්ජී මහතා එම සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 98.73% කට හිමිකම් කියනු ලබන බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.
එසේම රුසි පෙන්ටොන්ජි මහතා අබාන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂවරයා බවද අදාළ නිවේදනය සඳහන් කරනවා.
මේ අතර, ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පුද්) සමාගම අබාන්ස් පීඑල්සී හෝ එහි මව් සමාගම වන අබාන්ස් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමේ අනුබද්ධ සමාගමක් නොවන බවද මෙම නිවේදනය නිකුත් කරමින් අබාන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ සරොෂි ඩුබාෂ් මහත්මිය පවසා තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…