News

ඩාලි නැව ෆ්‍රැන්සිස් ක්කොට් කී පාලම කුඩු කරන්නේ කොළඹ එන ගමන්!

සිංගප්පූරු ධජය යටතේ ධාවනය වූ ඩාලි නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී විශාල අනතුරක් සිදුවන්නේ එය බැල්ටිමෝර් වරායේ සිට කොළඹ වරාය දක්වා එමින් තිබිය දී බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

නාවික දත්ත අනුව, ඩාලි නෞකාව අනතුරට පැය භාගයකට පමණ පෙර එනම් අලුයම 1 ට පමණ කොළඹ වරා​ය වෙත ගමන් කිරිම සඳහා බැල්ටිමෝර් වරායෙන් පිටත් වී ඇත.

අදා​ළ නෞකාව සැතපුම් 1.6ක් දිග ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ I-695 හි කොටසෙහි වැදී පාලම කඩා වැටීමට ලක්​වූ ආකාරය සම්බන්ධව වීඩියෝව මේ වනවිට ලෝකය පුරා ප්‍රචාරය වෙමින් ඇත. කෙසේ නමුත් අදාළ අනතුර පිළිබඳව තවමත් නිශ්චිත හේතුවක් වාර්තා වී නොමැත.

මෙම කන්ටේනර් නෞකාව දිගින් අඩි 984 ක් පමණ වන අතර පළල අඩි 157 කි.

ඩාලි නෞකා​වේ හිමිකරු සිංගප්පූරු සමාගමක් වන Grace Ocean Investment ව​න අතර එහි කළමනාකරණ සමාග​ම සිනර්ජි මැරීන් ලෙස ලැයිස්තුගත කර තිබේ.

දකුණු කොරියාවේ Hyundai Heavy Industries විසින් 2015 දී  මෙම නෞකාව නිර්මාණය කොට තිබේ.

අදා​ළ නෞකාව ඩෙන්මා​ර්ක් නාවික සමාගමක්වන Maersk ආයතනය විසි​න් කාල සටහනකට අනුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා කුලියට ගෙන තිබේ.

මෙම බහාලුම් නෞකාව පාලමේ වැදීමත් සමග ගිනිගෙන විනාශවී ගිය බවත් පසුව ගිලී ගිය බව මුලින් වාර්තා වුවද එවැනි විනාශයක් සිදුවී නැති බව මේ වනවිට තහවුරු වී ඇත. ​‍

කපිතාන්වරු දෙදෙනා සහ කාර්ය මණ්ඩලයත් අනතුරු රහිතව සුරක්ෂිත බවත් නෞකාව අවට ජලයේ ජල දූෂණයක් සිදුවී නැති බවත් නෞකා සමාගම වාර්තා කර ඇත.

කෙසේ වෙතත් නැවට විශාල හානියක් සිදුවී ඇති බව ද නැව් බඳ දෙදරා යෑමේ අවදානමක් ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

Ceylon News Factory

Recent Posts

කදුරුවෙල වෙළඳසැල් දෙකක් ගිනිගෙන විනාශයි !

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල නගරයේ ඊයේ රාත්‍රී 8ට පමණ වෙළඳසැක් දෙකක හදිස්සි ගිනිගැනීමක් සිදු…

45 mins ago

අනුර කුමාර දිසානායක රෝගාතුර වෙයි !

පසුගිය මැතිවරණ කටයුතුවලින් වෙහෙසට පත්වීම හේතුවෙන් ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර…

1 hour ago

අද කාලගුණයේ නවතම තතු මෙන්න !

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා දින කාලගුණ වාර්තාව මෙලෙස සයහන්ව තිබුණා. බස්නාහිර, සබරගමුව සහ…

2 hours ago

නිවසක් පතොරම් තොගයක් – දරුවා පතොරමක් පාසලටත් ගෙනවිත් !

ගලෙන්බිදුණුවැව - අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක සඟවා තිබු පතොරම් තොගයක්…

18 hours ago

කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් හදිසියේ ම ගිනි ගනී !

පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් හදිසියේ ම ගිනි ගෙන…

18 hours ago

ෂාරුක් ඛාන් වැඩිම බදු ගෙවීම් ලැයිස්තුවේ පෙරමුණට !

ඉන්දීය රුපියල් කෝටි 92ක බදු මුදලක් ගෙවමින් 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම ආදායම් බදු ගෙවූ…

1 day ago