Local

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද CID යට !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

2019 වසරේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි ඔහු අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත්තේ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහනුවරදී පසුගිය 22 වනදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

කෙසේවෙතත්, ඊට පසුදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ සති 03කට පෙර තමන්ට ලද තොරතුරකට අනුව එම ප්‍රකාශය කළ බවයි.

මෙම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

එවන් පසුබිමක් හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 48 ක් ඇතුළත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දී ඇති බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago